දරු ප්‍රසුතියට රෝහල් ගත කල බිරිඳ බැලිමට ප්‍රංශයේ සිට පැමිණි සැමියා රිය අනතුරකින් මරුට

දරු ප්‍රසූතිය සඳහා රෝහල්ගත කළ තම බිරිඳ බැලීමට ප්‍රංශයේ සිට යාපනයට පැමිණි සැමියෙකු රෝහලේ සිට නිවසට පැමිණෙමින් සිටියදී රිය අනතුරකට ලක්ව මිය ගොස් තිබෙන බව චාවකච්චෙරි පොලිසිය පවසයි.

ඉකුත් (30) වනදා සිදුවූ මෙම අනතුරින් මිය මියගොස් ඇත්තේ ප්‍රංශ සිට පැමිණි පුද්ගලයෙකි.

මියගිය අය මීට වසර එකහමාරකට ඉහතදි විවාහ වී ඇති අතර බිරිඳ ප්‍රංශයට ගෙන්වා ගන්නා තුරු ඔහු ප්‍රංශයේ පදිංචිව සිට ඇත.

දරු ප්‍රසූතිය සඳහා බිරිඳ රෝහල් ගත කොට ඇති බව දැන ගැනීමෙන් පසු ඔහු යාපනයට පැමිණ චාවකච්චෙරි රෝහලේ සිටි බිරිඳ බලා ආපසු නිවසට පැමිණෙමින් සිටියදී ඔහු ගමන් කළ යතුරු පැදිය තවත් යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

අනතුරට පත්වූ අනෙක් යතුරුපැදිය පැදවූ තැනැත්තාද බරපතළ තුවාල ලබා චාවකච්චේරි රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහුගේ තත්ත්වය බරපතල බැවින් යාපනය ශික්ෂණ රෝහල වෙත මාරු කොට තිබේ.

අනතුර සම්බන්ධයෙන් චාවකච්චේරි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *