දරු දෙදෙනා පාලම මත තබා බෙන්තර ගඟට පැන්න මවක් බේරාගනි

සැමියා සමග ඇතිකරගත් ආරවුලකින් උරණව දරු දෙදෙනා බෙන්තර පාළම මත තබා ගඟට පැන ඇති කාන්තාවක බේරාගෙන ඇතැයි අලුත්ගම පොලිසිය පවසයි.

ගඟේ ගසාගෙන යමින් සිටි කාන්තාව, ඒ අසල රැදී සිටී තරුණයකු විසින් බේරාගෙන ඇතැයි සදහන් වේ.

අද (26) පස්වරුවේ අවුරුදු 9 ක් වයසැති පුතා සහ අවුරුදු 1 යි මාස 6 ක් වයසැති ගැහැණු දියණිය දෙදෙනා රැගෙනවිත් බෙන්තර පාළම මත තබා පාලමට ගොඩබිම දෙසට ඇති ආරක්ෂක වැටෙන් අඩි 40 ක් පමණ උසක සිට ජලයට පැන ඇතැයිද පොලිසිය පවසයි.

මෙම කාන්තාව දැනට බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය අලුත්ගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි

Leave a Reply