දරු දෙදෙනාට වස පොවා ඝාතනය කළ පියා එල්ලුම් ගහට

සිය දරුවන් දෙදෙනාට වස පොවා ඝාතනය කර තමන්ද වස පානය කර සිය දිවි නැති කර ගැනීමට උත්සාහ කිරීමේ සිද්ධියක වරදකරු වු විත්තිකරුවෙකුට මාතලේ මහාධිකරණය පෙරේදා (04) මරණීය දඬුවම නියම කර තිබේ.

මාතලේ, අස්ගිරිය බටහිර වත්තේ පදිංචි මෙම විත්තිකරු විසින් 2003 වසරේදී මෙලෙස වයස අවුරුදු 5ක් සහ 3ක් වයසැති ගැහැනු දරුවන් දෙදෙනාට වස පොවා මරාදැමු බවට පවරන ලද නඩු විභාගයක් අවසානයේ මාතලේ මහාධිකරණය මරණ දඬුවම නියම කර තිබේ.

පවුල් ආරවුලක් සම්බන්ධව 2003 වසරේදී මෙම සිද්ධිය වී ඇති අතර එවකට සිටි කසාද බිරිය සමඟ ආරවුලක් මත මෙසේ දරුවන්ට වස පොවා තමන්ද වස බී දිවි නසා ගැනීමට තැත් කර ඇති බවත් පසුව එම බිරිය සමඟම නැවතත් දීග කමින් නැවත දරුවන් හතර දෙනකුගේ පියකු ලෙස ජීවත් වී ඇති බවත් අධිකරණයේදී අනාවරණය වි තිබේ.

2003 සිට පැවැති දිර්ඝ නඩු විභාගයකින් පසු මහාධිකරණය මෙම දඬුවම නියම කර තිබේ.

Leave a Reply