දරුවන් තිදෙනා සමඟ මවක් වස පානය කර ජීවිතක්ෂයට

මාලඹේ කහන්තොට ප්‍රදේශයේදී 35 හැවිරිදි කාන්තාවක් සිය දරුවන් තිදෙනා සමඟ වස පානය කර සිය දිවි නසාගෙන තිබේ.

මිය ගිය කාන්තාව 35 හැවිරිදි අයෙකු බව වාර්තා වන අතර, මිය ගිය දරුවන් තිදෙනා ගැහැනු දරුවන් දෙදෙනෙකු හා එක් පිරිමි දරුවෙකු බව සඳහන්ය.

මිය දරුවන් වයස අවුරුදු 09,08 සහ 07 යන වයස්වල පසුවන්නන් බව ද වාර්තා වේ.

අදාළ කාන්තාවගේ ස්වාමි පුරුෂයා මීට දින කිහිපයකට පෙර සිය දිවි හානිකරගෙන තිබූ අතර, ඔහුගේ අවසන් කටයුතු ඊයේ (30) සිදු කර තිබිණි.

ඒ හේතුවෙන් ඇති වූ සිත්තැවුලක් මත කාන්තාව ඊයේ රාත්‍රී සිය දරුවන් තිදෙනා සමඟ මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවට පොලීසිය සැක පළ කරයි.

දරුවන් තිදෙනා රෝහල්ගත කිරීමටත් පෙර මිය ගොස් ඇති අතර, මව මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබූ බව පොලීසිය සඳහන් කළේය.

(ජීවිතය අන්තයටම එපාවි, සියල්ල අත්හැර ජිවිතයෙන් සදාකාලිකවම සමුගන්නට සිතුවිල්ලක් ඔබට මට කිසියම් මොහොතක ඇති වුවහොත්, ජීවිතයට සාර්ථකව මුහුණ දෙන්නට, ජීවිතය ජීවත් කරවන්නට මහත් පිළිසරණක්, දයාබරත්වයේ දෑතක් ඇති බව ඔබ නොදන්නවා ඇත. ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය මෙම සෙනෙහබර දෑත ඔබට දිගුකර ඇත. ඕනෑම ප්‍රශ්නයක්, ගැටලු‍වක් වෙනුවෙන් ඉතාම සාර්ථක උපදෙසක් 1926 දුරකථන අංකයට ඇමතීමෙන් ලබාගත හැකිව ඇත. )

Leave a Reply