දරුවන්ගේ බඩගින්න නිවන්න කොස් ගසකට නැඟි මවක් මරුට

කොස් ගෙඩියක් කැඩීමට ගසකට නැඟී කාන්තාවක් කොස් ගසෙන් වැටී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ පුවතක් ගම්පොළ ප්‍රදේශයෙන් වාර්තාවේ.

මෙලෙස මියගොස් ඇත්තේ ගම්පොළ, නාරංවිට, බණ්ඩාරවත්ත ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි කාන්තාවකි.

දැරියන් සිව්දෙනෙකුගේ මවක් වන මෙම කාන්තාව බොහෝ ආහාර වේල් සපයා ගැනීම සඳහා කොස් පොළොස් සොයා ගැනීම සිදුකර ඇති අතර ඒ අනුව පසුගිය 10 වනදා දහවල් ආහාර වේල සකසා ගැනීමට නිවස අසළ කොස් ගසේ තිබූ කොස් ගෙඩියක් කඩා ගැනීමට විවිධ උත්සාහයන් දරා ඇති බව වාර්තාවේ.

කොස් ගෙඩියක් කඩා ගැනිමට සියලු උත්සාහයන් දරා එය අසාර්ථක වූ පසු කොස් ගෙඩිය කැඩීමට ගසට නැඟ ඇති අතර එහිදී ඇය කොස් ගසෙන් ඇද වැටී තිබේ. පසුව ඇයගේ දරුවන් හා ප්‍රදේශවාසින් එක්ව ඇයව ගම්පොළ රෝහලට අතුළත් කිරීමටයි කටයුතු කර තිබේ.

එහිදී දින කිහිපයක් ප්‍රතිකාර ලබමින් සිටි මෙම කාන්තාව ඊයේ (18) අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *