දමා ගිය දින 4ක් වයස බිළිඳෙකු රෝහලට

වත්තේගම ඇල්කඩුව ප්‍රදේශයේ විහාරස්ථානයක බුදු මැදුරක් අසල දමා ගොස් තිබූ බිළි‌ඳෙකු ඊයේ (04) සොයාගෙන තිබෙන බව පොලිසිය පවසයි.

සොයාගත් මෙම දින 4ක් පමණ වයසැති බිළිඳා මහනුවර රෝහලට ඇතුළත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.

පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් අනුව වත්තේගම පොලීසිය විසින් එම බිළිඳා සොයාගෙන ඇති බව සඳහන් ය.

අතහැර දමා ගිය සැකකාර මව වත්තේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ මව වයස අවුරුදු 36ක් වන මාතලේ කරගහහින්න ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි වාර්තා වන්නේ.

මවගෙන් කල ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වී ඇත්තේ ඇය තම නිවසේ දී දරුවා බිහි කර මාතලේ ප්‍රදේශය වෙත ධාවනය වූ ලොරි රථයකින් පැමිණ අදාළ ස්ථානයේ දරුවා දමා ගිය බවයි.

Leave a Reply