දකුණේ පාතාලය මඩින්නට මිරිස්සට අපරාධ කොට්ඨාස මූලස්ථානයක්

දකුණු පළාතේ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාලය මැඩිමට පොලිස් විශේෂ කාර්ය බලකා සහයෙන් ලබන 14 වැනිදා මිරිස්සේ දී විවෘත කරන මාතර කොට්ඨාස අපරාධ මූලස්ථානයේ ක්ෂණික විහිදුම් බලකායේ ක්‍රියාත්මක කරන බව දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර තිබේ.

මීට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකායේ පුහුණුව ලැබූ දක්ෂ පොලිස් නිලධාරීන් පිරිසක් මෙම අපරාධ කොට්ඨාසයට යොදවන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කර තිබේ.

මාතර – හම්බන්තොට දිස්ත්‍රික්කය මුල්කරගෙන ක්‍රියාත්මක කරන මෙම අපරාධ කොට්ඨාසය මගින් දකුණු පළාතේ පාසල් දරුවන් මත්ද්‍රව්‍ය වලින් මුදා ගැනීම සඳහා බුද්ධි අංශවල මූලිකත්වයෙන් දිගින් දිගටම වැටලීම් සිදුකරන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කර තිබේ.

Leave a Reply