දකුණේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සනීපාරක්ෂක කම්කරු තනතුර පාසල් කාර්ය සහායක ලෙස වෙනස් කෙරේ

දකුණු පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ අනධ්‍යයන සේවක සේවයේ සංශෝධිත පත්වීම් ලිපි ප්‍රදානෝත්සවය දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පෙරවරුවේ ලබුදූව දක්ෂිණ පාය අමාත්‍යාංශ සංකීර්ණයේ දී පැවැත්විණි.

සමීපාරක්ෂක කම්කරු පත්වීම් ලාභීන් සමාජයේ ගැරහුමට හා මනසින් දැඩි ව්‍යාකූල තත්වයකට ලක්ව සිටින වටපිටාවක එම තනතුරේ නම වෙනස් කරන ලෙස දීර්ඝ කාලීනව කරන ලද ඉල්ලීම් වලට ඇහුම්කන් දෙමින් ආණ්ඩුකාරවරයාගේ උපදෙස් පරිදි දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ මැදිහත් වීමෙන් දකුණු පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ අනධ්‍යයන සේවක සේවයේ නියුතු වූවන්ගේ තනතුරු නාමය සංශෝධිත පත්වීම් ලිපි (පාසල් කාර්ය සහායක) 402 ක් ප්‍රදානය කිරීම අද සිදුවිය ..

එහිදී අදහස් දැක්වු දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා

“සමාජමය වශයෙන් ඔබට ලැබෙන අපවාදය ,අගෞරවය අවසන් කරන්න ,පොඩි හරි මානසික සුවයක් සහනයක් දෙන්න අපි තීරණය කළේ ,තනතුරු නාමය වෙනස් කරල පත්වීම් ලබා දීම හරහා ඔබට ගෞරවයක් දෙන්නයි. ඒ නිසා වැසිකිළි සුද්ද කරා කියන එක ලැජ්ජාවට කරුණක් නොවේ ,තනතුරේ නාමය වෙනස් වූවාට ඔබේ රාජකාරිය වෙනස් වෙන්නෙ නෑ..ඒ නිසා නිතරම තමන් කරන රැකියාවට ගෞරව කරන්න, එවිට ඔබට ගෞරවයක් ලැබෙයි..එයයි අද ඔබට ලැබුණේ යැයි අවධාරණය කළේය…”

මෙම අවස්ථාවට දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් යාපා මහතා,දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අධ්‍යාපන අධ්‍යක්ෂක උපාලි වීරසේකර මහතා ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් ,තනතුරු නාම සංශෝධිත පත්වීම් ලිපි ලාභීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ..

Leave a Reply