දකුණු මුහුදේ අත් අඩංගුවට ගත් මිලියන 4586ක් වටිනා අයිස් සහ හෙරොයින් කොළඹට

දකුණු මුහුදේ දෙවුන්දර තුඩුවට ඔබ්බෙන් වු ගැඹුරු මුහුදේ දී බහුදින යාත්‍රා දෙකකින් මෙරටට ප්‍රවාහනය කරමින් තිබියදී අයිස් සහ හෙරොයින් කිලෝ 200 ට අධික ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් 14 දෙනා අද (18) පෙරවරුවේ කොළඹ වරායට රැගෙන පැමිණ තිබේ.

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 128 ග්‍රෑම් 327ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 106ග්‍රෑම් 474කට අධික තොගයක් බහුදින ධීවර යාත්‍රාව තිබී සොයාගෙන ඇති අතර රුපියල් මිලියන 4,586කට අධික වටිනාකමකින් යුක්තය.

රාජ්‍ය බුද්ධි සේවාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ නාවික හමුදාව එක්ව ශ්‍රී ලංකාවට දකුණෙන් වු දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 229ක් පමණ දුරින් වූ ගැඹුරු ජාත්‍යන්තර මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින් පසුගිය (14) මෙම යාත්‍රා දෙක සමග පිරිස අත්අඩංගුවට ගෙන තිබුණි.

ධීවර යාත්‍රාව සමග සැකකරුවන් අට දෙනෙක් සහ එම යාත්‍රාවට ඉන්ධන ලබාදීමට පැමිණි බවට සැකකෙරෙන තවත් බහුදින යාත්‍රාවක සිටි සැකකරුවන් හය දෙනෙකු ඉකුත් 14 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව මගින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරුණි.

ඒ අනුව, මෙම විශේෂ මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකරුවන් වයස අවුරුදු 29 ත් 59 අත‍ර වයසේ පසුවන තංගල්ල, නාකුළුගමුව, කොස්ගොඩ සහ බලපිටිය යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගෙන ඇති අතර, එම සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *