දකුණට මහ වැසි – ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි

නිල්වලා ගඟ සහ ගිං ගඟ පිටාර ගැලීම හේතුවෙන් මාතර සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් පහත්බිම් ජලයෙන් යටවී තිබේ.

ගිං ගඟ සහ නිල්වලා ගඟ පීටාර ගැලිමෙන් තවලම, නෙලුව, මොරවක, අකුරැස්ස, අතුරලිය, පිටබැද්දර සහ කොටපොල යන ප්‍රදේශවල පහත්බිම් මේ වනවිට ජලයෙන් යටවී ඇති බව ගාල්ල සහ මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක පැවසීය.

නෙලුව, මොරවක ප්‍රධාන මාර්ගයට අලපලාදෙණිය ප්‍රදේශයෙන් පස් කන්දක් කඩා වැටීම නිසා මාර්ගයේ ගමනාගමනය ඇණහිට ඇත.

මාතර රොටුඹ අඳලුවේ දී 35 හැවිරිදි පුද්ගලයකු ජලයේ ගසා ගෙන ගොස් අතුරුදහන්ව ඇත. 

අධික වර්ෂාව හේතුවෙන් හක්මන, වලස්මුල්ල සහ වරාපිටිය ප්‍රදේශවල ප්‍රධාන මාර්ග කිහිපයක් සහ පහත්බිම් රැසක් ජලයෙන් යටවී තිබේ.

වලස්මුල්ල මාතර මාර්ගය නතුවල හක්මන සහ කිරින්ද යන ප්‍රදේශ අද අළුයම් කාලයේ සිට ජලයෙන් යටවී ඇති අතර වරාපිටිය වැව වාන් දැමීම හේතුවෙන් ඌරුබොක්ක කිරම මාර්ගය සහ වරාපිටිය සිතුම්ගල්ලෙන මාර්ග ද ජලයෙන් යටවීම හේතුවෙන් රථවාහන ගමනාගමනයට දැඩි බාධා ඇති විය.

මෙයට අමතරව දෙනගම මුලටියන මාර්ගය දෙයියන්දර ප්‍රදේශයෙන් සහ මුලටියන කඹුරුපිටිය මාර්ගය මාකදුර ප්‍රදේශයෙන් ජලයෙන් යටවීම නිසා එම මාර්ගවල ද රථවාහන ධාවනයට බාධා එල්ලවි ඇත.

ගාල්ල, හම්බන්තොට, කළුතර සහ රත්නපුර යන දිස්ත්‍රිකකවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක පසුගිය පැය 24 තුළ අධික වාර්ෂාවක් ලැබී ඇති බවත් මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර ප්‍රදේශයට මිලිටීටර 100 අධික වැසි ලැබී ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රකාශයෙක් කීය.

මේ අතර දිස්ත්‍රික්ක රැසකට ඇඳ හැළෙන අධික වර්ෂාව හේතුවෙන් එම දිස්ත්‍රික්කවල දහස් සංඛ්‍යාත පිරිසක් අපහසුතාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (14) පස්වරුවේ පැවසීය.

නෙලුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට මේ වනවිට විදුලිය ද විසන්ධි වී තිබෙන බවද වාර්තාවේ.

මේ අතර, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින මෝඛා චන්ඩ සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් දකුණු පළාතට සහ රත්නපුර දිස්ත්‍රික්කයට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා

One thought on “දකුණට මහ වැසි – ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි

Leave a Reply