දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය අනතුරු දෙකක්

දක්ෂිණ අධිවෙගී මාර්ගයේ කොළඹ දෙස සිට මාතර දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයක් අද (28) අලුයම පෙරළි යෑමෙන් එහි රියදුරු සහ රිය සහයක තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.

ඉමදූව සහ කොක්මාදූව අතර 112 වන කිලෝමීටර් කනුව අසලදී පිටුපස වම් රෝද යුගලය ගැලවීමත් සමග රියදුරාට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයේ පෙරලී ගොස් ඇති අතර ලොරි රථය මාර්ගයේ පෙරලි යෑමත් සමග එක් කොටසක වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබින.

මෙම අනතුර සිදුව තිබියදී ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු පැමිණි මෝටර් රථයක් පාලනය කර ගැනීමට නොහැකිව අනතුර සිදුවූ ස්ථානයේ සෙමින් ධාවනය වෙමින් තිබූ කැබ් රථයක ගැටිමෙන් දෙවන අනතුර සිදුව තිබේ. ඉන් ඉන්දියානු ජාතික කාන්තාවක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

තුවාලකරුවන් ප්‍රතිකාර සදහා මාතර මහ රෝහලට ඇතුළත් කර තිබේ 

අනතුර සම්බන්ධයෙන් දක්ෂිණ අධිවේගී මාර්ග පොලිසිය පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබයි

Leave a Reply