දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 13.1  බන්ඩාරගම ගැලනිගම ප්‍රදේශයේදී අද (23) සවස ඇඟලුම් සේවිකාවන් ප්‍රවාහනය කල බස් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් ඇඟලුම් සේවිකාවක් ඇතුළු තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව දක්ෂිණ අධිවේගී ගැලනිගම රථවාහන පොලිසිය පවසයි.

මෙලෙස තුවාල ලබා ඇත්තේ බණ්ඩාරගම වල්ගම, නුගේගොඩ සහ කැලණිය පදිංචිකරුවන්ය. ඔවුන් හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.

මෝටර් රථය අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹ දිසාවට ධාවනය වෙමින් තිබියදී එම දිශාවටම ධාවනය වෙමින් තිබූ ඇඟලුම් සේවිකාවන් රැගත් බස් රථය මෝටර් රථයේ පිටුපස ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය පවසයි.

අනතුර වන අවස්ථාවේදී මෝටර් රථයේ  පුද්ගලයන් දෙදෙනකු ගමන් කර ඇති අතර ඔවුන් දෙදෙනාට හා බස් රථයේ ගමන් ගත් ඇඟලුම් සේවිකාවක ට අනතුරෙන් තුවාල සිදුවී ඇත

පානදුර ඇඟලුම් කර්මාන්තශාලාවක සිට බියගම ඇඟලුම් කර්මාන්තශාලාවක් වෙත  ඇඟලුම් සේවිකාවන් 25 ක් දෙනෙකු ප්‍රවාහනය කරමින් සිටියදී මෙම අනතුර වී ඇත

බස්රථ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් අනතුර සිදුවී ඇති බවත් අනතුරින් මෝටර් රථයට බරපතල අලාභ සිදු වී ඇති බව පොලිසිය පවසයි.

අනතුර සම්බන්ධයෙන් බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරගෙන යනු ලබයි

Leave a Reply