දක්ෂිණ අධිවේගයේ රිය අනතුරකින් රුසියානු ජාතිකයෙකු මරුට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ විදේශිකයින් පිරිසක් රැගෙන කොළඹ සිට වැලිගම දෙසට ධාවනය වූ බස්රථයක් ඉමදුව ප්‍රදේශයේ කිලෝමීටර්  110.6  කණුව අසලදී ඊයේ රාත්‍රියේ (05) ලොරි රථයක පිටුපස ගැටීමෙන් සිදුවු රිය අනතුරකින්  බස් රථයේ ගමන් රුසියානු ජාතිකයෙකු බරපතළ තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇති බව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 42 හැවිරිදි රුසියානු ජාතිකයෙකු බවද පොලිසිය පවසයි.

බස් රථයේ රියදුරුට නින්දයාම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බව අනාවරණය වි ඇතැයි පොලිසිය පවසයි.

රුසියානු ජාතිකයාගේ මෘත දේහය කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් ඉමදුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරගෙන යනු ලබයි.

Leave a Reply