දක්ෂිණ අධිවේගයේ මාරක රිය අනතුරක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 35.9 කණුව අසලදී ඊයේ (14) රාත්‍රියේ සිදුවූ මාරක රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිත්කෂයට පත්ව තිබෙන බව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ, අවුරුදු 75ක් හා අවුරුදු 70ක් වූ තිරුක්කෝවිල් ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු බවද පොලිසිය පවසයි.

පින්නදූව දෙස සිට කොට්ටාව දෙසට ධාවනය වූ ලොරි රථයක කාර්මික දෝෂයක් හේතුවෙන් අධික දුමාරයක් පිටවීම හේතුවෙන් ලොරි රථය මාර්ගය අයිනේ නවතා එහි රියදුරු විසින් රථය පරීක්ෂා කරමින් සිට ඇත. එහිදී කොට්ටාව දෙසටම ධාවනය වූ මෝටර් රථයක් නවතා තිබූ ලොරි රථයේ පිටුපස ගැටී එම අනතුර සිදුව තිබේ.

අනතුරින් තුවාල ලැබූ මෝටර් රථයේ රියදුරු, ඔහුගේ පියා, බාප්පා සහ නැන්දා තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කිරීමේදී පියා සහ බාප්පා මියගොස් ඇත.

මෘත ශරීරයන් නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසයේ කුරුඳුගහහැතැක්ම අනුපාලක ස්ථානය වැඩිදුර විමර්ශන සිදුකරගෙන යනු ලබයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *