දක්ෂිණ අධිවේගයේ අනතුරකින් 15කට තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කළුතර උතුර පැල්පොල ප්‍රදේශයේදී සුඛෝපභෝගී මගී බස් රථයක් සහ කන්ටේනරයක් ඊයේ (26) රාත්‍රියේ එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 15 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය පවසයි.

අනතුර වන අවස්ථාවේදී බස් රථයේ මගීන් 38 දෙනෙකු ගමන් කර ඇති අතර එයින් අඩකට ආසන්න ප්‍රමාණයකට තුවාල සිදුවී ඇත.

ගාල්ල සිට ටයර් තොගයක් පටවාගෙන මීගමුව කිඹුලාපිටියට රැගෙන යමින් තිබූ කන්ටේනර් රථය කොළඹ දෙසට ධාවනය වීමේ දී මාතර සිට මාකුඹුර දක්වා මගීන් රැගෙන යමින් තිබූ බස්රථය පිටුපසින් පැමිණ කන්ටේනර් රථය හා ගැටී මෙම අනතුර වී තිබූ බව පොලිසිය පවසයි.

බරපතළ තත්ත්වයේ සිටි තුවාලකරුවන් සිව් දෙනෙකු කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමටත් තවත් කණ්ඩායමක් සෙසු අයට එම ස්ථානයේ දී ම මූලික ප්‍රතිකාර ලබා දීමටත් පොලිසිය පියවර ගෙන ඇත.

අනතුර සිදු වූ අවස්ථාවේ දී බස් රථයේ පැමිණි මගී කාන්තාවක් කුපිත වී කන්ටේනර් රථ රියදුරාට පහර දීමත් සමගම සෙසු මගින් ද පහර දී ඇතැයි පොලිසිය සඳහන් කරයි

Leave a Reply