දක්ෂිණ අධිවේගයේ අනතුරකින් හමුදා කෝප්‍රල් මියයයි

දක්ෂිණ අධිවේගි මාර්ගයේ කුරුඳුගහහැතැක්මදී අද (26) දහවල් සිදුවු රිය අනතුරකින් යුද හමුදා කෝප්‍රල්වරයෙකු මියගොස් ඇති බව දක්ෂිණ අධිවේගී මාර්ග පොලිසිය පවසයි.

57 කිලෝමිටර් කනුව අසලදි සිදුවු මෙම අනතුරින් මියගොස් ඇත්තේ වැලිගම කොක්මාදුව පදිංචි 33 හැවිරිදි කෝප්‍රල්වරයෙකි.

කොට්ටාව දෙසට ගමන් කරමින් සිටියදි මෝටර් රථයේ පිටුපස දකුණු පැත්තේ රෝදයේ හුළං බැසිම නිසා මාර්ගයේ වම්පස වැට අයිනේ නවතා රෝදය මාරු කරමින් සිටියදි පිටු පසින් පැමිණි එම දිසාවටම ධාවනය වු මෝටර් රථයක ගැටිමෙන් අනතුර සිදුව ඇත.

එම අවස්ථාවේ අනතුරට සම්බන්ධ මෝටර් රථයේ රියදුරා විසින්ම තුවාලකරු කලුතර නාගොඩ රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදි මියගොස් ඇත. මෙම අනතුරිනේ මියගිය අයගේ බිරිඳට සහ දරුවන්ට තුවාල සිදුව නැත.

අනතුරට සම්බන්ධ මෝටර් රථයේ රියදුරු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *