තුල්හිරියේ බිහිසුණු අනතුරක් 03 දෙනෙකු මරුට

කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තුල්හිරිය ප්‍රදේශයේදී අද (12) පෙරවරුවේ ටිපර් රථයක් හා ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් එකම පවුලේ තිදෙනකු මිය ගොස් ඇති බව වරකාපොල පොලිසිය පවසයි.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ කොටවැල්ල,රඹුක්කන ලිපිනයේ පදිංචි එකම පවුලේ පියා,මව සහ පුතා බව පොලීසිය පවසයි.

මෙම තිදෙනා ත්‍රීරෝද රථයෙන් ගාල්ල ප්‍රදේශයේ පැවති අවමඟුල් උත්සවයකට සහභාගී වී ආපසු නිවස බලා යමින් සිටියදී වරකාපොල තුල්හිරිය ප්‍රදේශයේදී ත්‍රීරෝද රථය එක්වරම මාර්ගයෙන් ප්‍රතිවිරුද්ධ මංතීරුව දෙසට ගමන් කර කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ වැලි පැටවූ ටිපර් රථයේ ගැටෙන ආකාරය ඒ අසල නිවසක සවිකර තිබූ සීසීටීවී කැමරාවක සටහන්ව තිබූ බව පොලිසිය පවසයි.

අනතුර සිදුවූ ටිපර් රථයේ රියදුරු මේ වනවනවිට වරකාපොල පොලීසිය  අත් අඩංගුවට ගෙන ඇත.

Leave a Reply