තුර්කියේ සහ සිරියාවේ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 5000 ඉක්මවයි

තුර්කියට සහ සිරියාවට ඊයේ (06) බලපෑ ප්‍රබල භූකම්පන මාලාව හේතුවෙන් මියගිය සංඛ්‍යාව 5000 ඉක්මවා ඇතැයි එරට මාධ්‍ය වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ වන විට තුර්කියේ 3000ක් සහ සිරියාවේ 2000ක් පමණ ඉක්මවූ මරණ වාර්තා වන බවත් තවමත් සුන්බුන්වලට යට වී සිටින පිරිස් සොයා මෙහෙයුම් දියත් කර ඇති අතර ඉන් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව එම වාර්තා සඳහන් කළේ ය.

මෙම භූ චලනයෙන් රටවල් දෙකේම 20000කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවත් එම සංඛ්‍යාව තවත් ඉහළ යා ඇති බවත් එහි සඳහන්

මේ අතර මෙම භූ චලනයෙන් මිය ගිය සංඛ්‍යාව අට ගුණයකින් වැඩිවිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ. මේ වන විට රටවල් රැසක සහන කණ්ඩායම් තුර්කිය වෙත ළඟා වෙමින් සිටී

තුර්කී – සිරියා භූ චලනයෙන් මියගිය සංඛ්‍යාව 3000 ඉක්මවයි

තුර්කියේ තවත් ප්‍රබල භූමිකම්පාවක්

7.9ක ප්‍රබල භූමිකම්පාවක්

Leave a Reply