තුර්කියේ බස් රථ අනතුරකින් ශ්‍රී ලාංකිකයින් 27කට තුවාල

තුර්කියේ, ඉස්තාන්බුල් ගුවන්තොටුපළේ ව්‍යාපෘතියක සේවය කරන ශ්‍රී ලාංකිකයින් පිරිසක් රැගත් බස් රථයක් පෙරළී 27 දෙනෙකු තුවාල ලබා තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ ශ්‍රී ලාංකිකයින් 39 දෙනෙක් සිට ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේය.

ඉස්තාන්බුල් ගුවන් තොටුපොළේ සිදුකෙරෙන සංවර්ධන ව්‍යාපෘතියක සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින් පිරිසක් වැඩ මුරය අවසන් කර බස් රථයකින් සිය නවාතැන් වෙත ගමන් කරමින් සිටියද ඉයුප්සුල්තාන් ප්‍රදේශයේදී බස් රථය පෙරළී ඇත.

උමං මාර්ගයක් මතින් ගමන් කරමින් තිබූ බස් රථය එකවර රියදුරාගේ පාලනයෙන් ගිලිහි ප්‍රධාන මාර්ගයෙන් පිටතට පැන මීටර් 6 ක් පමණ වන ප්‍රපාතයකට ඇද වැටී ඇති බව වාර්තාවෙයි.

අනතුරින් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින් පිළිබඳ සොයා බැලීම සඳහා තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජිතයෙකු ඉස්තාන්බුල් දක්වා පිටත්කර යැවීමට පියවර ගන්නා බව තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි. 

Leave a Reply