තුර්කියේ ප්‍රබල භූචලනයක්

තුර්කියේ දකුණුදිග ප්‍රදේශයට රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 7.9ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

භූකම්පනයෙන් මේ වන විට අවම වශයෙන් පුද්ගලයන් 50 දෙනෙකු සහ සිරියාවේ 42 දෙදෙනෙකු මියගොස් ඇති අතර ඉතා විශාල පිරිසක් තුවාල ලබා තිබෙන බවත් මිය ගිය සංඛ්‍යාව තවත් වැඩිවිය හැකි බවයි බව එම වාර්තා සඳහන් කළේ ය.

මෙම ප්‍රබල භූ චලනයෙන් ගොඩනැගිලි කඩා වැටී ඇති අතර, ඒවාට යටවීමෙන් පුද්ගලයින් රැසක් ගොඩනැගිලි තුළ සිරවී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙම භූමිකම්පාව අසල්වැසි ලෙබනනයට හා සිරියාවට ද දැනී තිබෙන බවත් සිරියාවේ උතුරු ඇලෙප්පෝ නගරයේ සහ මධ්‍යම නගරයේ ගොඩනැගිලි කිහිපයක් කඩා වැටී ඇති බව සිරියාවේ රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේය

භූමිකම්පාවෙන් ලෙබනනයේ බේරූට්හි බොහෝ පදිංචිකරුවන් තම නිවෙස් අතහැර වීදිවලට දුව ගොස් තිබේ.

මෙම භුචලනය කිලෝමීටර් 18ක් (සැතපුම් 11ක්) ගැඹුරින් කේන්ද්‍රගත වූ අතර මිනිත්තු 10කට පමණ පසුව 6.7ක ප්‍රබල පසු කම්පනයක්ද හටගෙන තිබේ

One thought on “තුර්කියේ ප්‍රබල භූචලනයක්

Leave a Reply