තුර්කියේ රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 7.5ක සහ 6.0ක තවත් ප්‍රබල භූ කම්පන දෙකක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඉන් සිදුව ඇති හානිය පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැත
මේ අතර අද (05) උදෑසන සිරියානු දේශ සීමාවට ආසන්නව දකුණු දිග තුර්කියට අද බලපෑ මැග්නිටියුඩ් 7.9 භූ කම්පනයෙන් මේ වනවිට පුද්ගලයින් 1500 ඉක්මවූ පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඉන් මරණ 912 කට අධික පිරිසක් තුර්කියෙන් වාර්තා වන අතර සිරියාවෙන් දැනට වාර්තා වන මරණ ගණන 400ට අධික බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
තුර්කියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් අතරින් එක් අයෙකුට පමණක් භූ කම්පනයෙන් බලපෑම් එල්ල වී ඇති බවට සැකපළකරන බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.