තුර්කියේ තවත් ප්‍රබල භූමිකම්පාවක්

තුර්කි – සිරියා දේශසීමා කලාපයේ රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.3 ක ප්‍රබල භූමිකම්පාවක් හටගෙන තිබෙන බව එරට මාධ්‍ය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය වාර්තා කළේය

කෙසේ වෙතත් මින් සිදුවු හානි පිළිබඳව තවමත් නිල වාර්තා ලැබි නොමැත.

තුර්කියේ Hatay පළාතේ මෙම භුකම්පනය කිලෝමීටර් 2 ක් ගැඹුරින් සිදුව ඇති බව ජාත්‍යන්තර භූ විද්‍යා සමික්ෂණ ආයතන ප්‍රකාශ කර තිබේ.

පෙබරවාරි මස 6 වන දින රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 7.8 සහ 7.6 ප්‍රබලත්වයෙන් යුත් සිදුවු භූමිකම්පාවලින් තුර්කියේ ගිනිකොනදිග සහ අසල්වැසි සිරියාවේ 47,000කට ආසන්න පිරිසක් මේ වන් විට මියගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *