තුන්දුව දී අතුරුදන් සිසුවිය සොයා පරීක්ෂණ

නිවෙසෙන් පිටව ‌ගොස් දින හතරක් තිස්සේ ආගිය අතක් නොමැතිව අතුරුදන්ව සිටින 15 හැවිරිදි දැරියක සොයා පරීක්ෂණ සිදු කරන බව ඌරගස්මංහන්දිය පොලිසිය පවසයි.

මෙසේ අතුරුදන්ව ඇත්තේ බෙන්තොට තුන්දුව  ‌පදිංචි, පාසල් හැරගොස් සිටි පාතිමා සාලිහා නමැති දැරියකි.

සිය මව සමග නිවෙසේ සිටි බව කියන ඇය ඉකුත් 8 වැනිදා දහවල් සිට නිවෙසේ නොසිටි බව සඳහන් කරමින් ඇයගේ පියා විසින් ඌරගස්මංහන්දිය පොලිසියට පැමිණිලි කර තිබේ.

මේ සම්බන්ධයෙන් මෙම දැරියගේ ජංගම දුරකථන ඇමතුම් ඇතුළු කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගෙන වැඩිදුර පරීක්ෂණ පවත්වන බව ඌරගස්මංහන්දිය පොලිසිය පවසයි.

Leave a Reply