තියුණු ආයුධයකින් ඇන කෘෂි පර්යේෂණ නිලධාරිනියක් ඝාතනය කරලා

තංගල්ල නෙටොල්පිටිය වැලිආර ප්‍රදේශයේදී අද (27) පෙරවරුවේ තියුණු ආයුධයකින් පහරදී සේවය සදහා යමින් සිටි කාන්තාවක් ඝාතනය කර ඇතැයි තංගල්ල පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනය කර ඇත්තේ නෙටොල්පිටිය ,වැලිආර පදිංචි 28 හැවිරිදි කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහාකාරවරියක් බවද පොලිසිය පවසයි .

ඇය සේවය සදහා නෙටොල්පිටිය ගොවිජන සේවා මධ්‍යස්ථානයට යමින් සිටියදී මග රැක සිටි අයෙකු තියුණු ආයුධයකින් පහරදී ඇතැයි පොලිසිය පවසයි.

සිද්ධියට සම්බන්ධ සැකකරු අත් අඩංගුවට ගැනිමට තංගල්ල පොලිසිය සමත් ව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

මළසිරුර තංගල්ල මහ රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇත .

Leave a Reply