තාත්තාගේ අවසන් ගමනට පැමිණි පුතා රිය අනතුරකින් ජිවිතක්ෂයට

කැකිරාව පොතානේගමදී අද (30) පෙරවරුවේ සිදුවූ යතුරුපැදි අනතුරකින් යුද හමුදා ප්‍රධාන සරඹ උපදේශකයකු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි කැකිරාව පොලිසිය පවසයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ කැකිරාව ප්‍රදේශයේ යුද හමුදා කදවුරකට අනියුක්තව ප්‍රධාන සරඹ උපදේශකවරයෙක් ලෙස රාජකාරී කළ කැකිරාව රත්මල්කන්ද ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

මියගිය අයගේ පියා මිය ගොස් ඇති අතර මිය ගිය පියාගේ අවසන් කටයුතු අද (30) දිනට යෙදී තිබී ඇති අතර එම අතරතුරදී අත්‍යාවශ්‍ය රාජකාරී කටයුත්තක් ඉටු කිරීම සදහා ඔහු අද උදැසන කැකිරාවේ පිහිටි යුද හමුදා කදවුර වෙත වාර්තා කිරීමට යතුරු පැදියකින් ගමන්කරමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ව මිය ගොස් තිබේ

අනතුර සම්බන්ධයෙන් මේ වනවිට කැකිරාව පොලිසිය මගින් විමර්ශණ ආරම්භ කර තිබේ. 

Leave a Reply