ත්‍රීරෝද රථයක රෝදය ගැලවි අනතුරක් – කාන්තාවක් මරුට

ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක ඉදිරි රෝදය ගැලවී ගොස් කුඩා දරු දෙදෙනකු නංවාගෙන කාන්තාවක පදවා ගිය යතුරුපැදියක ගැටීමෙන් එම කාන්තාව මියගොස් දරු දෙදෙනා ඇතුළු සිව් දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව හොරණ පොලිසිය පවසයි.

අනතුරින් මියගොස් ඇත්තේ බටුවිට කුරුඳුවත්ත පදිංචිව සිටි 36 හැවිරිදි කාන්තාවකි.

අනතුරින් මියගිය කාන්තාව සිය 13 හැවිරිදි පුතු සහ පුතුගේ මිතුරකු යතුරුපැදියෙන් අමතර පන්ති කරා රැගෙන යාම සඳහා ගෝනපොල බටුවිට ප්‍රදේශයේ සිට කුලුපන දෙසට රැගෙන යතුරු පැදියෙන් යාමේදී ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි රෝද රථයේ ඉදිරිපස රෝදය ගැලවී යාමත් සමඟම රියදුරට එය පාලනය කරගත නොහැකිව කාන්තාව දරු දෙදෙනා සමඟ පැමිණි යතුරුපැදියේ ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය පවසයි.

Leave a Reply