ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරළී කාන්තාවක් මියගොස් 05 කට තුවාල

කොස්ලන්ද වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ බිබිලේවෙල දේවාලයට නුදුරින්  ත්‍රීරෝද රථයක්මාර්ගයෙන් ඉවතට පැන අඩි 150ක පමණ ප්‍රපාතයකට පෙරලී යාමෙන් කාන්තාවක මියගොස් කුඩා දරුවන් ඇතුලු පස්දෙනෙකු බරපතළ තුවාල ලබා වැල්ලවාය මූලික  රෝහලට ඇතුළත් කළ බව කොස්ලන්ද පොලිසිය පවසයි.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ රත්නපුර පොත්ගුල් විහාර මාවතේ පදිංචි 54 හැවිරිදි කාන්තාවකි.

ත්‍රීරෝද රථය පැදවූ ත්‍රීරෝද රථ රියදුරු වැඩිදුර ප්‍රතිකාර සදහා මොණරාගල සිරිගල රෝහලට මාරු කර යවා තිබේ.

මොවුන් එකම පවුලක පිරිසක් බවත්, රත්නපුර ප්‍රදේශයේ සිට කොස්ලන්ද ඌවමාවෙලගම හිවල්කදුර ප්‍රදේශයේ නෑදෑ නිවසකට යමින් සිටියදී මෙසේ ත්‍රීරෝද රථය අනතුරට පත්ව ඇතැයි පොලිසිය සදහන් කළේය.

අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රීරෝද රථය තුළ හයදෙනෙකු ගමන් කර ඇති බවත් ප්‍රපාතයකට පෙරලී ගිය ත්‍රීරෝද රථය වලකට වැටී ඇතැයි පොලිසිය පවසයි.

අනතුර කොස්ලන්ද පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Leave a Reply