ත්‍රීරෝද රථයක් දුම්රියක ගැටී අනතුරක්

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගාල්ල සහ මාතර අතර මිහිරිපැන්න දුම්රිය හරස් මාර්ගයේදි ත්‍රි රෝද රථයක් අද (06) පෙරවරුවේ දුම්රියේ ගැටී එහි රියදුරු බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කල බව හබරාදුව පොලිසිය පවසයි.

මෙලෙස තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ හබරාදුව පිලාන ප්‍රදේශයේ පදිංචි ත්‍රි රෝද රථ රියදුරෙකු බවද පොලිසිය පවසයි.

ත්‍රි රෝද රථය මිහිරිපැන්නට එමින් සිටියදි අනාරක්ෂිත ලෙස දුම්රිය මාර්ගය හරහා ධාවනය කිරිම‍ට යාමේදි ගාල්ල සිට මාතර දක්වා ධාවනයවු දුම්රියේ ගැටී මෙම අනතුර සිදුව ඇති බව අනාවරණය වි ඇතැයි පොලිසිය පවසයි.

Leave a Reply