ත්‍රීරෝද රථයක් ගසක ගැටී 06 හැවිරිදි දරුවෙකු ඇතුළු දෙදෙනකු මරුට

තණමල්විල – උඩවලව මාර්ගයේ සූරිය ආර ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී සිදු වූ අනතුරකින් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව තවත් 07 දෙනෙකු බරපතළ තුවාල ලබා තිබෙන බව තණමල්විල පොලිසිය පවසයි.

මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 06 හැවිරිදි දරුවෙක් සහ 42 හැවිරිදි පුද්ගලයෙකු බවද පොලිසිය පවසයි.

අද (04) අලුයම මෙම අනතුර සිදු වී ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේ දී ත්‍රීරෝද රියෙහි පුද්ගලයින් 09 දෙනෙකු ගමන් කර ඇති බවද පොලිසිය පවසයි

වැල්ලවාය – සියඹලාගුණය සහ හිගුරුකඩුව යන ප්‍රදේශවල පදිංචි එකම පවුලේ පිරිසක් බවටයි සිදුකළ මූලික විමර්ශනවලදී හෙළිව ඇති අතර තුවාල ලැබූ පුද්ගලයන් තණමල්විල සහ හම්බන්තොට යන රෝහල්වල ප්‍රතිකාර ලබන බවද පොලිසිය පවසයි.

අනතුර සම්බන්ධයෙන් තණමල්විල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යනු ලබයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *