ගවයෙකු පටවාගෙන යමින් සිටි ත්‍රි රෝද රථයක් අද (06) සවස පල්ලමකට පෙරලි රියදුරු මියගොස් ඇතැයි උඩුගම පොලිසිය පවසයි.
උඩුගම, නාකියදෙනිය ප්‍රදේශයේ සිට ගවයා පියාජියෝ වර්ගයේ ත්‍රි රෝද රථයක පටවාගෙන යමින් සිටියදි බෑවුමකට පෙරලි ඇති අතර එහිදි රියදුරුවන 47 හැවිරිදි අයෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
ත්‍රි රෝද රථයේ සිටි පුද්ගලයෙකු අත් අඩංගුවට ගත් බවත් තවත් අයෙක් පලාගොස් ඇති බවත් පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් උඩුගම පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යනු ලැබේ.