ත්‍රිවිධ හමුදා සමාජිකයන් 18000ක් සේවය හැරයන්න ඉල්ලලා

නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සදහා ලබාදී ඇති පොදු සමාකාලය තුළ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 18,202ක පිරිසක් සේවයෙන් ඉවත්වීමට ඉදිරිපත් වී සිටින බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

මෙම පිරිසෙන් යුද හමුදා සාමාජිකයන් 16,174 දෙනෙකු, නාවික හමුදාවේ 1,061 දෙනකු , ගුවන් හමුදාවේ 967 දෙනකු සිටින බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ අතර මෙම පොදු සමාකාලය තුළ 16,000කට අධික යුද හමුදා සාමාජිකයින් පිරිසක් සේවයෙන් ඉවත්වීමට රෙජිමේන්තු මධ්‍යස්ථාන වෙත ඉදිරිපත් වී සිටින බව යුද හමුදාව පවසයි.

මෙම පොදු සමාකාලය දෙසැම්බර් 31 වැනි දින දක්වා ක්‍රියාත්මක වේ.

Leave a Reply