පාසල් දෙකක් අතර බිග්මැච් තරගයක් සඳහා ගාලුපාරේ සැරසිලි සිදුකිරීමට ගොස් සිටි තරුණයෙකු අනතුරකට ලක්වී බරපතළ තුවාල ලබා තිබේ.
කළුතර විද්‍යාලය සහ කළුතර තිස්ස මධ්‍ය ජාතික පාසල අතර ලබන 21 සහ 22 යන දෙදින තුළ පැවැත්වෙන ක්‍රිකට් සටන වෙනුවෙන් කළුතර විද්‍යාලය ඉදිරිපිට විදුහල් ධජය අඩි 50ක් පමණ ඉහළට දැමීමට ගිය අවස්ථායේදී මෙම අනතුර සිදුවී ඇත.
එහිදී තරුණයා මතට අඩි 50ක් පමණ උස කොඩි කණුවක් වැටී මෙම අනතුර සිදුවී ඇත
සමබරතාවය ගිලිහී කොඩි කණුව බිම පතිතවීමේදී පාර මැද සිටී එම තරුණයාගේ ශරීරය මතට පතිතවී තිබේ.
අනතුරෙන් ඔහුගේ දකුණු පාදයේ දණහිසෙන් පහළ කොටසට බරපතළ හානි සිදුවී ඇති බව වාර්තාවේ.
විදුහලේ ධජය ගාලුපාරට සහ දුම්රිය මාර්ගයට හොඳින් දර්ශනය වන අයුරින් අඩි 50ක් පමණ උසට එසවීමට ගිය අවස්ථාවේදී මෙම අනතුර සිදුවී ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.