තලංගම ව්‍යාපාරික ඝාතනයට අඹුසැමි යුවළක් අල්ලයි

තලංගම ප්‍රදේශයේ නිවසක් තුළ අභිරහස් ලෙස මියගිය කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් යුවලක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගොතටුව පදිංචි 27 හැවිරිදි සැකකරුවෙකු සහ 21 හැවිරිදි සැකකාරියෙකි. ඔවුන් අඹුසැමි යුවලක් බවද පොලිසිය පවසයි.

බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ ඉදිකරමින් පවතින නිවසක පිහිනුම් තටාකයේ තිබී එම නිවසෙහි හිමිකරු වන ප්‍රකට රෙදිපිළි අලෙවිසැල් ජාලයක ව්‍යාපාරිකයෙකුගේ මළසිරුරක් පසුගිය 02 වනදා සොයාගෙන තිබිණ.

එලෙස මියගොස් සිට හමුවුයේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

මරණයට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නොමැති බවද පොලීසිය පවසයි.

Leave a Reply