පේරාදෙණිය ඉළුක්වත්ත ප්‍රදේශයේ දී අද (07) පෙරවරුවේ පෙර පාසල් ගුරුවරියකගේ ගෙළ කපා ඝාතනය කර ඇතැයි පේරාදෙණිය පොලීසිය පවසයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මුරුතලාවේ පදිංචි 25 හැවිරිදි තරුණ පෙර පාසල් ගුරුවරියකි.
පෙර පාසලේ පැවැත්වීමට සූදානම් කර තිබූ අලුත් අවුරුදු උත්සවයට සහභාගි වීම සඳහා අද පෙරවරුවේ යමින් සිටියදී ගිනිහේන මාර්ගයේදී කිසිවකු විසින් ඇයගේ ගෙල කපා මෙම ඝාතනය සිදු කර ඇතැයි තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.
ඝාතනයට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.