තරුණ ජිවිතයක් මිලින වු අනපේක්ෂිත යතුරුපැදි අනතුර

හොරණ, ගෝනපොල, කුඹුක ප්‍රදේශයේදී තරුණයකු පැදවූ යතුරුපැදියක් අද (05) අලුයම දුරකතන කණුවක ගැටීමෙන් එම තරුණයා මියගොස් තිබෙන බව පොලිසිය පවසයි.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ ගෝනපොල, වීදියගොඩ පාර, කුරුඳුවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 21ක තරුණයෙකි.

මියගිය තරුණයා නිවසේ සිට හොරණ ප්‍රදේශයට යාමේදී හොරණ – කොළඹ මාර්ගයේ කුඹුක ප්‍රදේශයේ දී යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට ඇදී ගොස් දුරකතන කණුවක ගැටී මෙම අනතුර සිදුවී ඇත.

පසුව ප්‍රදේශවාසීන් එක්ව තරුණයා ත්‍රිරෝද රථයකින් හොරණ මූලික රෝහල වෙත රැගෙන යන විටත් මියගොස් සිට ඇතැයි පොලිසිය පවසයි. යතුරුපැදියේ අධික වේගය මෙම අනතුරට හේතු වී ඇති බවට පොලිසිය සැක කරන අතර සිද්ධිය පිළිබඳ මොරගහහේන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *