තරුණියක් සමූහ දූෂණයට ලක් කළ තිදෙනෙක් අත්අඩංගුවට

මන්නාරමේ මහා මාර්ගයක පිහිටි ගරාජයකට රැගෙන ගොස් වයස අවුරුදු 17 ක තරුණියක් දූෂණය කිරීමේ සිද්ධියට සම්බන්ධ තරුණයින් තුන් දෙනෙකු මන්නාරම පොලීසිය විසින් පෙරේදා (14) අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 12 වෙනිදා මෙම තරුණයින් තිදෙනා මාරුවෙන් මාරුවට දැරිය දුෂණය කළ අවස්ථාවේදී එම දර්ශන ජංගම දුරකතනයකින් වීඩියෝ ගත කිරීමක් හා ඡායාරූප ගැනීමක්ද සිදු කොට ඇති බවයි වාර්තාවේ.

පොලීසිය විසින් එම තරුණයින් අත්අඩංගුවට ගන්නා ලද අවස්ථාවේදී ඔවුන්ගේ දුරකතනවල තිබී එම වීඩියෝ හා ඡායාරූප පොලීසියට හමුව තිබෙන බව වාර්තාවේ.

අත්අඩංගුවට ගත් තරුණයින් තුන් දෙනා මන්නාරමේ පෙරියකාමම් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 17 , 18 හා 23 යන වයස් වලට අයත් තරුණයින් වන අතර ඉන් ප්‍රධාන සැකකරු ගරාජයක සේවය කරණ වයස අවුරුදු 23 ක තරුණයෙක්.

එම තරුණයා කීප වරක්ම තරුණිය දූෂණයට ලක් කොට තරුණිය ළග තිබූ රුපියල් 2000ක මුදලක්ද කොල්ල කා තිබේ.

බරපතල ලෙස සමූහ දූෂණයකට ලක් වූ තරුණිය ප්‍රතිකාර සදහා මන්නාරම රෝහලට ඇතුළත් කොට ඇති අතර ඇය තවමත් රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තාවේ.

සැකකරුවන් මන්නාරම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

Leave a Reply