තරුණියකට සමූහ ලිංගික අපරාධයක්

නිවසට ඇරලවීමට ලොරි රථයක නංවාගෙන ගෙලට කිනිස්සක් තබා ලොරි රථයක් තුළ දී 18 හැවිරිදි තරුණියක් සමූහ දුෂණයකට ලක්කර ඇතැයි පොලිසිය පවසයි.

පානදුර, ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණියක මෙසේ දූෂණයට ලක්ව ඇති අතර ඇය මේ වන විට අසාධ්‍ය තත්ත්වයෙන් කළුතර ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

පානදුර ප්‍රදේශයේ වෙළදසලක සේවය කරන මෙම තරුණිය සේවය නිමවා රාත්‍රි නිවසට යමින් සිටියදී කුඩා ලොරි රථයක සිටී දෙදෙනකු හැදුනුම්කමක් පෙන්වා නිවසට ඇරලවීම සදහා ලොරි රථයට නංවාගෙන වාද්දුව ප්‍රදේශයේ පාළු වත්තකට ගෙන ගොස් මෙලෙස වරින් වර මෙම අපරාධය සිදුකර ඇතැයි පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *