තරුණියකට සමූහ ලිංගික අපරාධ කළ සැකකරුවන් තිදෙනා අත් අඩංගුවට

සේවය නිමවා නිවසට යමින් සිටි 18 හැවිරිදි තරුණියක ඉකුත්දා නිවසට ඇරලවීමට යැයි පවසා ලොරි රථයක නංවාගෙන ගෙලට කිනිස්සක් තබා ලොරි රථය තුලදීම සමූහ දූෂණයක් කළ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු  අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර අරුක්ගොඩ සහ එගොඩඋයන ප්‍රදේශයේ පදිංචි 45, 24 සහ 23 වියැති පුද්ගලයන් බව පොලිසිය පවසයි.

සමූහ දූෂණය කිරීම සම්බන්ධයෙන් ලොරි රථ රියදුරු සහ සහායකයාද එයට අනුබලදීම සම්බන්ධයෙන් ලොරි රථ හිමිකරුද අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.

තරුණිය නංවාගෙන සමූහ දූෂණයට ලක්කල ලොරි රථය , බියගැන්වීමට යොදගත් උල්පිහිය ඇතුළු නඩු භාණ්ඩ කිහිපයක් පොලිසිය භාරයට ගෙන තිබේ.

සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි 

තරුණියකට සමූහ ලිංගික අපරාධයක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *