තරුණයන් පිරිසක් එක්ව පුද්ගලයෙකු ඝාතනය කරලා

තරුණයින් පිරිසක් එක්ව හෙල්මට්වලින් සිදුකළ පහරදීමකින් එක්දරු පියෙකු ඊයේ (14) රාත්‍රියේ ඝාතනයට ලක්වී තිබෙන බව වැලිපැන්න පොලිසිය පවසයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ වැලිපැන්න ගල්මත්ත ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි එක්දරු පියෙකි.

වැලිපැන්න ප්‍රදේශයේ මාර්ගයක ගමන් කිරීමේදී ඇතිවූ කතාබහක් දුරදිග යෑමෙන් ඊයේ (14) රාත්‍රියේ මෙම ඝාතනය සිදුව තිබූ බව පොලිසිය පවසයි

ඝාතනය සම්බන්ධයෙන් 16 හැවිරිදි තරුණයෙකුව අත්අඩංගුවට ගෙන ඇති අතර සෙසු සැකකරුවන් ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔවුන් සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිපැන්න පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි.

Leave a Reply