තඹුත්තේගෙම බිහිසුණු අනතුරකින් 04 දෙනෙකුට ජිවිතක්ෂයට

අනුරාධපුර – පාදණෙිය මාර්ගයේ අද (04) අලුයම සිදු වූ මාරක රිය අනතුරකින් හතර දෙනකු මියගොස් තවත් හතර දෙනකු තුවාල ලබා ඇතැයි තඹුත්තේගෙම පොලිසිය පවසයි

මෙසේ මියගොස් ඇත්තේ කහටගස්දිගිලිය ප්‍රදේශයේ පදිංචි කරුවන් පිරිසකි.

මෙසේ  මියගොස් ඇත්තේ මවුලානා සිද්දි අහමඩ් (රියැදුරා) (46) ජේනු අහබ්දුල් චාපා (46) සයිදු අහමදු මවුලානා (43) සහ අබ්දුල් රහිමන් මොහොමඩ් රසීම් (36) නමැති සිවු දෙනෙකි.

විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනිමට ගොස් ආපසු යමින් සිටියදී මාර්ගය අසල නවතා තිබූ ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. මියගිය අය අතර කාන්තාවෝ තිදෙනෙක් වෙති.

කුරුණෑගල දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගය අයිනේ නතර කිරීමට යෑමේදී එම දිශාවටම ධාවනය වූ වෑන් රථයක් ලොරි රථයේ පිටුපස ගැටීමෙන් අනතුර සිදුවී තිබේ.

තුවාල කරුවන්ගේ තිදෙනකු තඹුත්තේගම රෝහලේ ප්‍රතිකාර ලබන අතර එක් අයකුගේ තත්ත්වය බරපතල වූයෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට මාරු කර යවා ඇත. 

Leave a Reply