තංගල්ලේ රිය අනතුරකින් මාස 7ක බිළිඳියක් ජීවිතක්ෂයට

තංගල්ල- ගොඩිගමුව පුදේශයේ ඊයේ (12) රාත්‍රියේ සිදු වූ රිය අනතුරකින් මාස 7ක කුඩා බිළිඳියක් ජීවිතක්ෂයට පත්ව තිඛෙන බව පොලිසිය පවසයි.

අඟුණුකොළපෑලැස්ස බලා ගමන් කරමින් තිබූ වෑන් රථයක් සහ තංගල්ල බලා ගමන් ගත් ලොරි රථයක් ගොඩිගමුව ප්‍රදේශයේ දී එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත

අනතුර සිදුවන අවස්ථාවේ දී වෑන් රථයේ එකම පවුලේ පස්දෙනෙකු ගමන්කරමින් සිට ඇති අතර, අනතුරෙන් තුවාල ලැබූ එම පිරිස සහ ලොරි රථයේ රියදුරු තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇත

තංගල්ල රෝහලට ඇතුළත් කළ මියගිය බිළිඳියගේ මව වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට මාරු කර යවා තිබේ.

අදාළ ලොරි රථය පැද වූ රියදුරාට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි මූලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත

අනතුර සම්බන්ධයෙන් තංගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකර ගෙන යනු ලබයි

Leave a Reply