ණය බරින් බේරෙන්න තම මව ඝාතනය කල පුත්‍රයා අත් අඩංගුවට

ණය බරින් මිදීම සදහා ප්‍රාණ භුක්තිය සහිත නිවස විකුණා ගැනීමට තම මවට පොල්ලකින් පහර දී ගෙල මිරිකා ඝාතනය කල බව කියන පුත්‍රයෙකු පෙරේදා (07) සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව මාතර පොලීසිය පවසයි.

එසේ මරුමුවට පත්ව ඇත්තේ මාතර කොටුවේගොඩ අරලිය මාවතේ පදිංචිව සිටි 59 හැවිරිදි කාන්තාවකි

ඉකුත් 05 වැනි දින ඇය තම නිවසේ නාන කාමරය තුල ඇද වැටී මරුමුවට පත්ව ඇති බවට පුත්‍රයා විසින් මාතර පොලීසියේ විවිධ පැමිණිලි අංශය වෙත පැමිණිලි කර තිබේ.

ඒ අනුව මාතර නාගරික හදීසී මරණ පරීක්ෂක ටී.එම්.ලලිත් ද සිල්වා මහතා විසින් හදීසී මරණ පරීක්ෂණය සිදු කිරිමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කල මාතර මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩී.ඩී.සමරවීර මහතා මෙය ගෙල සිර කර සිදු කල මනුෂ්‍ය ඝාතනයක් බවට ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව සැකකාර පුත්‍රයාගේ හැසිරීම් රටාව පිළිබඳව සැක සිතු පොලීසිය සැකකරු සැක පිට අත්අඩංගුවට ගෙන තිබෙන අතර ප්‍රශ්න කිරිමේ දී දේපල ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇතැයි පාපොච්චාරණය කර ඇත

ඝාතනයට ලක් වු කාන්තාවගේ සැමියා මීට වසර එක හමාරකට පෙර මිය ගොස් ඇති බවත් මෙම සැකකරු දරුකමට හදාගත් පුතෙකු බවද අනාවරණය වී තිබේ.

සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන ලබයි

Leave a Reply