ඩෙංගු මාරයා යලි හිස ඔසවයි

2023 මේ වසරේ ගතවූ කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 7,647ක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ අනුව ඩෙංගු රෝගීන්ගේ වැඩිවිමක් දක්නට ලැබෙන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ජනවාරි මාසයේදී ඩෙංගු රෝගීන් 6,497ක්ද පෙබරවාරි මාසයේදී මේ දක්වා රෝගීන් 1,150ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවල සදහන්ය.

දිවයිනේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

ඒ අනුව රෝගීන්ගෙන් වැඩි ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වි ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *