ටොංගා දුපතේ මැග්නිටියුඩ් 7.6ක ප්‍රබල භූමිකම්පාවක්

පැසිෆික් සාගරයේ පිහිටි ටොංගා දූපත ආසන්න සාගරයේ රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 7.6ක ප්‍රබල භූමිකම්පාවක් හටගෙන ඇති බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.

මෙම ප්‍රබල භුචලනය ටොංගා දූපතේ Hihifo ප්‍රදේශයේ සිට කිලෝමීටර 95 ක දුර වයඹදිග මුහුදේ සිදුව ඇති බවද එම ආයතනය පවසයි.

මෙම ප්‍රබල භූ චලනය ටොංගා දූපත ඇතුළු අවට කලාපයට දැනී ඇති බවත් මුහුදු පත්ලේ කිලෝමීටර 212 ගැඹුරින් මෙම භූ චලනය සිදුව ඇතැයි ඇමරිකානු භූ විද්‍යා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කර තිබේ.

මෙම භූ චලනයෙන් සුනාමි අවදානමක් නොමැති බව ඇමරිකානු සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් මෙම භූ චලනයෙන් සිය කලාපයට අවදානමක් නොමැති බව ඔස්ට්‍රේලියානු කාලගුණය කාර්යාංශය නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය

මෙම භූ චලනයෙන් සිය රටවල්වලට සුනාමි අවදානමක් නොමැති බව පිලිපීනය, හවායි දූපත ඇතුළු පැසිපික් සාගර කලාපීය රටවල් කීපයක් නිවේදනය කර තිබේ.

Leave a Reply