ටැන්සානියාවේ රිය අනතුරකින් ගාල්ලේ තරුණයන් දෙදෙනෙකු ජිවිතක්ෂයට

ටැන්සානියාවේ දරුසලාම් අගනුවර සිට මෙහෙන්ගි නගරයට යමින් සිටියදී ඊයේ (05) රාත්‍රියේ සිදු වූ මාරක රිය අනතුරකින් ශ්‍රී ලාංකික තරුණයන් දෙදෙනෙකු මියගොස් තිබේ

මෙලෙස මියගොස් ඇත්තේ ගාල්ල කටුගොඩ පදිංචි 23 හැවිරිදි මොහොමඩ් සාබිත් සහ මකුළුව පදිංචි මොහොමඩ් ෆවාස් නැමැති 33 හැවිරිදි තරුණයන් දෙදෙනෙකි.

ටැන්සානියාවේ දරුසලාම් අගනුවර සිට කිලෝමීටර් 350ක් පමණ දුරින් පිහිටි කඳුකර නගරයක් වන මෙහෙන්ගි නගරයට ව්‍යාපාර කටයුත්තකට යමින් සිටියදී ඔවුන් ගමන් ගත් මෝටර් රථය මෙලෙස අනතුරට ලක්ව තිබෙන බව අනාවරණය වි ඇත.

Leave a Reply