ට්‍රයල් බලන්න කියා මෝටර් රථය අරන් පැනලා

ෆේස්බුක් මඟින් පළ කළ තොරතුරකට අනුව මෝටර් රථයක් ට්‍රයල් බලන්නට කියා රැගෙන පලාගොස් අංක තහඩු මාරු කර මීගමුව ගරාජයක සඟවා තිබියදී මාතලේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත

මෙම මෝටර් රථය මාතලේ මැටිහක්ක ප්‍රදේශයේ අයිතිකරුවෙකු සතුව තිබියදී විකිණිමේ අදහසින් මුහුණුපොතේ පළකළ කිරිමත් සමග කටුනායක කුලී රථ රියදුරු යැයි කියන අයකු වාහනය පරික්ෂා කිරීමට පැමිණ සියලු තොරතුරු විමසා ධාවන පරීක්ෂාවක් සඳහා පුද්ගලයා කළ ඉල්ලීමක් මත අතරමග නවතා රියදුරු අසුනට නැගුණු සැකකරු අයිතිකරු වාහනයට ගොඩ වන්නට පෙර පළාගොස් තිබේ

සිද්ධියත් සමඟ මාතලේ පොලීසියට කළ පැමිණිල්ලකට අනුව අපරාධ අංශයේ පොලිස් කණ්ඩායමක් ක්‍රියාත්මක ව ජංගම දුරකථන හා CCTV විශ්ලේෂණය කර විවිධ තොරතුරු ඔස්සේ පරීක්ෂණ පවත්වා ඇත

මේ අතර මාතලේ සිට අධික වේගයෙන් කුරුණෑගල දෙසට පැදවූ මෙම වාහනය ගැන මාතලේ පොලිසිය ලද ඇමතුමට අනුව මදුරාගොඩ පොලීසිය මාර්ග බාධක දැමුවත් වාහනය නතර කරන ආකාරයට ධාවනය කර සියුමි ඉඩකින් රිංගා අලව්ව දක්වා ගොස් අංක තහඩු මාරු කර ඇත

එතැන් සිට විදුලි විසන්ධි වන කාලය තුළදී රාත්‍රී කාලයේදී පමණක් ගමන් කරමින් මීගමුව ගරාජයක සඟවා තිබේ දී මෝටර් රථය හා සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. ගල්කිරියාගම පදිංචි සැකකරු ගැන දීර්ඝ විමර්ශනයක් සිදුකර ඔහු මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබේ

සිද්ධිය සම්බන්ධයෙන් මාතලේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි

Leave a Reply