ටයිටන් සබ්මැරීනයේ සිටි පුද්ගලයන්ගේ බවට සැක සිරුරු කොටස් හමුවේ

මුහුදුබත්වූ ටයිටනික් නෞකාව නැරඹීමට ගොස් පුපුරා ගිය ටයිටන් සබ්මැරීනයේ සිටි පුද්ගලයන්ගේ බවට සැක කරන සිරුරු කොටස් හමුවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එම සිරුරු කොටස් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කිරීමට වෙරළාරක්ෂක බලකාය අපේක්ෂා කරන බව එම වාර්තා සඳහන් කළේය.

උතුරු අත්ලාන්තික් සාගරයේදී මුහුදුබත් වූ ටයිටැනික් නෞකාව නැරඹීමට ගොස් සිටියදී ටයිටන් සබ්මැරීනය අනතුරුට ලක්වීමෙන් එහි ගමන් කළ පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂය පත්වුණා.

අනතුර සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය සඳහා ප්‍රංශය, කැනඩාව, බ්‍රිතාන්‍ය යන රටවල්වල සහයෝගය හිමි වන බව එම වාර්තා වැඩිදුරටත් සදහන් කළේය.

Leave a Reply