ටජිකිස්ථානයේ ප්‍රබල භූමිකම්පාවක්

ටජිකිස්ථානයේ නොවෝබොඩ් ප්‍රදේශයේ රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 5.9 ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙන බව ඇමරිකානු භූ විද්‍යා සමික්ෂණ ආයතනය පවසයි

භුමිකම්පාවේ අපකේන්ද්‍රය පොළවේ සිට කිලෝමීටර 5.6 ගැඹුරින් පිහිටා ඇති බවත් එම කම්පනය කිලෝමීටර 51ක කලාපයක් සදහා දැනී ඇති බවද අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.

භූ කම්පනයෙන් සිදුවූ ජීවිත හෝ දේපළ හානි සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Leave a Reply