ජාත්‍යන්තර මුහුදේ ගමන් කරමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක සේවය කරමින් සිටි යුක්රේන ජාතික නාවිකයන් දෙදෙනෙකු අසනීප තත්ත්වයකින් මියගොස් ඇතැයි වරාය පොලිසිය පවසයි
මෙලෙස මියගොස් ඇත්තේ 52 හැවිරිදි සහ 40 හැවිරිදි යුක්‍රේන නාවිකයන් දෙදෙනෙකි
ස්විට්සර්ලන්තයේ සිට ඉන්දියාව දක්වා ගමන් ගත් නෞකාවේ සිටි මෙම නාවිකයින් දෙදෙනා අසනීප තත්ත්වයක් හේතුවෙන් ඊයේ (31) රාත්‍රියේ මියගොස් ඇති අතර එම මළ සිරුරු රැගත් නෞකාව අද (01) ගාලු වරාය වෙත පැමිණ තිබේ
මේ මරණ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (01) සවස පැවත්විමෙන් පසු මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සදහා කරාපිටිය රෝහලට රැගෙන යෑමට නියමිතව තිබින