ජලය පිරී වළකට වැටී කුඩා දරුවෙකු ජිවිතක්ෂයට

උහන, මහකණ්ඩිය ප්‍රදේශයේ අවුරුදු 01යි මාස 02 වයසැති කුඩා පිරිමි දරුවෙක් වැසිකිළිවලක් සඳහා කපා තිබූ ජලය පිරී වළකට වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙන බව පොලිසිය පවසයි.

එම දරුවා නිවස ආසන්නයේ වැසිකිළිවලක් සඳහා කපා තිබූ ජලය පිරී වළකට වැටී ඇති බවත් පසුව එම වළට වැටුණු කුඩා දරුවා ගොඩට ගෙන රෝහල්ගත කිරීමේදී මියගොස් තිබෙන බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් උහන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply